Header Ads

අර්ජුන’ට තේරීම් කමිටුවේ සභාපති ධුරය භාරගන්නා ලෙස ‘දයාසිරි’ ගෙන් ඇරයුමක්

තවද ඊයේ මාධ්‍යවේදීන් ඇසූ පැනයන්ට පිළිතුරු දෙමින් තවදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා “එතුමා එහෙම කියනවානම් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිකම භාර අරගෙන කරන්න කියන්න. කරන වැඩවලට එයා ලැජ්ජ වෙන්න ඕන තමයි. මොකද මෙරට ක්‍රීඩාවට විශාල සේවාවක් කරපු යෝගානන්ද විජයසුන්දර මහතාට උපහාර දක්වන උත්සවයකට ඇවිල්ල කතා කරන්න ඕන ගුණ වයන්න ඕන යෝගානන්ද මැතිතුමා ගැනයි. ඒවා පැත්තකින් තියල ඒ උත්සවය පාවිච්චි කරල ඒ වෙනුවෙන් ආපු පිරිස ඉදිරියේ කතා කරල තියෙන්නේ මොනවද? උපහාර උළෙලක් කියන්නෙ ගුණ සමරන්න ඕන දවසක්. එහෙම නැතුව වෙනත් අයට මඩගහන්න අවස්ථාවක් කරගන්න එක නොවෙයි කරන්න ඕන” යනුවෙන් පැවැසීය.

ඉතිං එතුමාට තේරීම් කමිටුවේ සභාපති වෙන්න කියන්නකෝ ඇවිල්ලා. එතකොට මේක ලේසියි. ඉතිං එතුමාට මේ ක්‍රීඩාව ගැන බලන්න කලින් ලැජ්ජා වෙන්න තිබුණේ රටේ මිනිස්සුන්ට තෙල් නැතුව පාරවල් දිගේ පෙට්‍රල් ෂෙඩ් අස්සේ දුව දුව ගූගල්වලින් නැව් වලින් තෙල් එනකල් මුහුද දිහා බල බල ඉන්න වෙලාවේ. දැන් නෙමෙයි. ලැජ්ජා වෙන්න තිබුණේ ඒ කාලේ. හැබැයි ඒ කාලේ ලැජ්ජ නහරේ කපලා වෙන්න ඇති තියෙන්න ඇත්තේ. මටනම් ලැජ්ජාවක් නෑ මේ ආණ්ඩුවේ ඉන්න අපි වැඩකටයුතු ටික කරනවා. මොකද එතුමලා කරන වැඩවලින් තමයි අපිට ලැජ්ජාව ඇති වෙලා තියෙන්නේ. වරාය කළා. වරාය විනාශ කරලා ආවේ එළියට. ඊළගට තෙල් සංස්ථාව කරනවා ඒකත් ඉවරයි. අපොස සාමාන්‍ය පෙළට ඉගෙන ගත්තාම ඕක තමයි තියෙන ප්‍රශ්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සංවිධානයෙන් ඊයේ පැවැති එම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග යන මහත්වරු සහභාගි වූහ. ඔවුන් දෙදෙනාගේම අදහස වූයේ රටවල් 54ක් වෙත ගෙන යන 2018 පාපන්දු ලෝක කුසලානය රැගෙන යන පළමු රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීම නිසා ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් අත්වන බවය.

No comments