ස්මිත් – වෝනර් – බැන්ක්‍රොෆ්ට් තිදෙනාම වාර්ෂික ගිවිසුමෙන් හළති..
වෝනර් සහ බ්‍රැන්ක්‍රොෆ්ට් තිදෙනාට අමතරව දස්කම් හීන වීම හේතුවෙන් ජැක්සන් බර්ඞ්, ජේම්ස් පැටින්සන්, මැතිව් වේඞ්, හිල්ටන් කාට්රයිට් සහ ඇඩම් සැම්පාද වාර්ෂික න්ත්‍රාත් ගිවිසුමෙන් ඉවත් කර තිබේ.
ඇලෙක්ස් කේරී, ෂෝන් මාෂ්, ටිම් පේන්, ජේ රිචඞ්සන්, කේන් රිචඞ්සන්, මාකස් ස්ටොයිනික් සහ ඇන්ඩෲ ටේ යන ක්‍රීඩකයින්ට නව ක්‍රිකට් කොන්ත්‍රාත්තු හිමි වී තිබේ.තරග ආකෘති ත්‍රිත්වය සඳහාම සමබර ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් සංචිතයක් තෝරා ගැනීිමට මෙම කොන්ත්‍රාත් ගිවිසුමෙන් බලාපොරොත්තු වෙනවා” යයි ඕස්ටේ්‍රලියානු තේරීම් කමිටු කැඳවුම්කරු ටේරවර් හෝන්ස් මහතා පැවසීය. එංගලන්තයේදී 2019 පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ස්ථාවර කණ්ඩායමක් ඇතුළත් කිරිමට බලාපොරොත්තු වන බවද ජාතික තේරීම් කමිටුවේ නිලධාරී ටේරවර් හෝන්ස් මහතා පවසයි.
මෑත කාලයේදී ටෙස්ට් පිටියේ දැක්වු දක්ෂතා හේතුවෙන් ඕස්ටේ්‍රලියානු ටෙස්ට් කණ්ඩායමේ නව නායකත්වය ටිම් පේන්ට පවරන ලදි.ඕස්ටේ්‍රලියාවේ සීමිත ඕවර තරග වල දක්ෂතාවන් අතරින් ඉහල සිටින ක්‍රීඩයකු වන කේන් රිචඞ්සන් ඔස්ටේ්‍රලියානු සංචිතයට කැදවා ඇත.
යොවුන් වේග පන්දු යවන ක්‍රීඩකයකු වන ජේ රිචඞ්සන් ඔස්ටේ්‍රලියාවේ පැවැත්වෙන එක්දින හා ඕවර් විස්සයි විස්ස තරගවල දැක්වු දක්ෂතා සැලකිල්ලට ගෙන ඔස්ටේ්‍රලියානු සංචිතයට නම් කරන ලදි. නිමා වු දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් සංචිතයටද ඔහුගේ නම ඇතුළත් විය
Post a Comment